අසාත්මිකතා

අසාත්මිකතාවය සඳහා කරනු ලබන ප්‍රතිකාර, වැළඳී ඇති අසාත්මිකතාවය මත රඳා පවතී. බොහෝ අවස්ථාවලදී, ඔබට උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඔබගේ වෛද්‍යවරයාට හැකි වනු ඇත. ඔබ අසාත්මික වන ද්‍රව්‍යයට නිරාවරණය වීම වැලක්වීමට උපදෙස් ලබා දෙනු ලබන අතර ඔබගේ රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග නිර්දේශ කෙරේ.

අසාත්මිකතාකාරක වලට නිරාවරණය වීම වළක්වා ගැනීම

ඔබගේ රෝග ලක්ෂණ පාලනයක් යටතේ තබා ගැනීම සඳහා, සෑම විටම ප්‍රයෝගික නොවුවත් බොහෝවිට ඔබ අසාත්මිකතාවය දක්වන ද්‍රව්‍යයට නිරාවරණය වීම වැලැක්වීම හොඳම ක්‍රමය වේ. මේවා පාලනය කිරීමට ඔබට පහත අයුරින් උපකාරී විය හැක:

  • ආහාර අසාත්මිකතාවන් - ඔබ ආහාරයට ලබා ගන්නා දේ පිළිබඳව සැලකිලිමත් වීමෙන්
  • සත්ව අසාත්මිකතා - සුරතල් සතුන් හැකි තාක් පිටතදී, නිතිපතා සේදීම
  • පුස් අසාත්මිකතා - ඔබගේ නිවස වියලිව සහ හොඳින් වාතාශ්‍රය සහිතව සහ ඕනෑම තෙතමනයක් සහ ගනිභවනය සමඟ කටයුතු කිරීම මඟින්
  • හේෆිවර් (Hay fever) - නිවෙස් තුල සිටීමෙන් සහ පරාග ගණනය අධික කාලවල තණකොළ සහිත ප්‍රදේශ වලින් වැලකි සිටීම
  • දුවිලි මයිටාවන් අසාත්මිකතාවය - අසාත්මිකතාවයෙන් තොර ඇඳ ඇතිරිලි, කොට්ට උර භාවිතා කිරීමෙන්

අසාත්මිකතා සඳහා ඖෂධ

මෘදු අසාත්මිකතාවය සදහා භාවිතා කරන ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔසුසල් වලින් ලබාගත හැකි වන නමුත් ඔබ නව ඖෂධ ලබා ගැනීමට පෙර සෑම විටම ඖෂධවේදියකු හෝ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න. මේවා සෑම කෙනෙකුටම සුදුසු නොවේ. අන්ටිහිස්ටමින් (Antihistamine)-අසාත්මිකතා සඳහා භාවිතා කරන ප්‍රධාන ඖෂධය වනුයේ ඇන්ටිහිස්ටමින් ය. ඒවා භාවිතා කළ හැක්කේ:

  • අසාත්මිකතා ප්‍රතික්‍රියාවක රෝග ලක්ෂණ හඳුනාගනු ලබන විට
  • ආසාත්මිකතා ප්‍රතික්‍රියාව වළක්වා ගැනීම සඳහා - උදාහරණයක් ලෙස, ඔබට හේෆිවර් වැළඳී ඇත්නම් සහ එදින පරාග ගණනය ඉහල මට්ටමේ ඇතිබව ඔබ දන්නවා නම් ඔබට මෙම ඖෂධ උදැසන ලබාගත හැක

ඇන්ටිහිස්ටමින්ස්, පෙති, කැප්සියුල, ක්‍රීම්, සිරප්, ඇස් වලට දමන බින්දු හෝ නාසයට ඉසින ස්ප්‍රේ ලෙස ගත හැකිය. ඔබගේ ශරීරයේ කුමන ප්‍රදේශයට මෙම අසාත්මිකතාවය බලපෑ තිබේද යන්න මත මෙය රඳා පවතී. නාසයේ අවහිරතා ඉවත්කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය- ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන අවහිර වූ නාසය සඳහා කෙටි කාලීන ප්‍රතිකාරයක් ලෙස නාසයේ අවහිරතා ඉවත්කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය භාවිතා කළ හැකිය. ඒවා, පෙති, කැප්සුල්, නාසයට ඉසින ස්ප්‍රේ හෝ සිරප් ලෙස ගත හැකිය. මෙම ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් ඔබගේ රෝග ලක්ෂණ නරක අතට හැරිය හැකි නිසා, සතියකට වඩා වැඩි කාලයක් මේවා භාවිතා නොකරන්න. ලෝෂන් සහ ක්‍රීම් - ආසාත්මිකතා ප්‍රතික්‍රියා නිසා ඇතිවන රතු හා කැසීම් සහිත සමට සමහර විට වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔසුසල් වලින් ලබා ගත හැකි ලෝෂන් වර්ග සහ ක්‍රීම් වර්ග යොදා ගත හැක. ඒවා නම්:

  • මොයිස්චරයිසින් ක්‍රීම් - සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම මඟින් අසාත්මිකතාවයන්ගෙන් සම ආරක්ෂා කර ගැනීම
  • කැලමයින් ලෝෂන් -කැසීම අඩු කිරීම සඳහා
  • ස්ටෙරොයිඩ් - අසාධනය අඩු කිරීම සඳහා (පහත බලන්න)

ස්ටෙරොයිඩ් - ස්ටෙරොයිඩ් ඖෂධ ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇතිවීම හේතුවෙන් ඇතිවන ආසාධනය අඩු කර ගත හැක. ඒවා ලබා ගත හැකිය:

  • නාසයට ඉසිනු ලබන ස්ප්‍රේ සහ ඇසට දමනු ලබන බින්දු - නාසය සහ ඇස්වල අසාධන සඳහා
  • එක්සිමා (Eczema) සහ කොන්ටැක්ට් ඩර්මටයිටිස් (Contact dermatitis) සඳහා ක්‍රීම්
  • ඇදුම සඳහා ඉන්හේලර්ස් (Inhalers)
  • -කුෂ්ට සඳහා බෙහෙත් පෙති

ස්ප්‍රේ බිංදු සහ දුර්වල ස්ටෙරොයිඩ් ක්‍රීම් බෙහෙත් වට්ටෝරුවකින් තොරව ලබා ගත හැක. වඩා ප්‍රබල ක්‍රීම් වර්ග, ඉන්හේලර්ස් සහ පෙති වර්ග ඔබගේ වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුවට අනුව ලබා ගත හැක.

ඉමියුනොතෙරපි (Immunotherapy)

සමහර බරපතල සහ දිගටම පවතින අසාත්මිකතා සහිත ඉහත ක්‍රම මගින් රෝග ලක්ෂණ පාලනය කල නොහැකි සුළු පිරිසක් සඳහා වන විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් වේ. එන්නතක් ලෙස හෝ බින්දු හෝ දිව යට තබාගන්නා බෙහෙත් පෙති වශයෙන්, අසාත්මිකතාකාරකයෙහි ඉතා කුඩා මාත්‍රාවක් වසර ගණනාවක් පුරා ඉදහිට ලබාදීම මෙම ප්‍රතිකාරයට ඇතුලත් වේ. මෙම බින්දු හෝ බෙහෙත් පෙති නිවසේදී ලබා ගත හැක. මෙම ප්‍රතිකාරයේ අරමුණ වන්නේ අසාත්මිකතාකාරකය ඔබගේ ශරීරයට හුරු වීමට උදව් කිරීමය. එම නිසා ඔබගේ ශරීරය අසාත්මිකතාකාරකයට බරපතල ලෙස ප්‍රතික්‍රියා නොකරයි. මෙමගින් ඔබගේ අසාත්මිකතාවය සුව කරනු නොලැබේ. නමුත් එය මෘදු තත්වයට පත් කරනු ලබන අතර ඔබ ලබා ගන්නා ඖෂධ ප්‍රමාණය අඩු කර ගත හැකිය.

බරපතල අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇනෆිලැක්සිස් (Anaphylaxis) සඳහා පිළියම් කිරීම

බරපතළ අසාත්මිකතාවන් ඇති සමහර අයට ජීවිතයට තර්ජනයක් වන ප්‍රතික්‍රියා ඇතිවිය හැක. මේවා ඇනෆිලැක්සිස් (Anaphylaxis) යනුවෙන් හැඳින්වේ. මේ සඳහා ඔබට අවදානමක් ඇත්නම්, හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට ඇඩ්රිනලින් (Adrenaline) නමැති ඖෂධයක් අඩංගු විශේෂ එන්නතක් ලබා දෙනු ඇත. හුස්ම ගැනීමේ අපහසුතාව වැනි ප්‍රහාරයේ ලක්ෂණ මතු උවහොත් හදිසි වෙද්‍ය ප්‍රතිකාර වලට ප්‍රථම පිටත කලව ප්‍රදේශයට එන්නත වහා ඔබ විද ගත යුතුයි.

විශේෂ අසාත්මික තත්වයන්ට ප්‍රතිකාර කිරීම

විශේෂිත අසාත්මිකතා සහ අදාළ තත්වයන් සලකා බලන ආකාරය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පහත සබැඳි භාවිතා කරන්න: